සාම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදනවා



ඉරානයත් සෞදියත් අතර යහපත් සබදතා නිර්මාණය වීමත් සමග වසර ගණනක් පැවැති යේමන අර්බුදය සම්බන්ධයෙන් ද සාම සැලැස්මක් නිර්මාණය විය.

මේ වනවිට ඉරාන සහාය ලබන හවුති සටන්කාමීන් සහ සෞදි රජය අතරේ සාම සාකච්ඡා පැවැත්වෙයි. දෙරට අතර සිරකරුවන් හුවමාරුව ද ලහිලහියේ සිදුවෙයි.

යේමන සිවිල් යුද්ධයට ඇමෙරිකාව ද සම්බන්ධ විය. ඒ සෞදියට සහාය වෙමිනි.

යේමනයේ උත්තරීතර දේශපාලන මණ්ඩලයේ ප්‍රධානී මහ්දි අල් මුෂාත් චෝදනා කරන්නේ සාම කටයුතු කඩාකප්පල් කිරීමට ඇමෙරිකාව උත්සාහ ගනිමිනි සිටින බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS