සාම ගිවිසුමකට අත්සන් කරයි



බහරේනය සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමකට අත්සන් තැබුණි. ඒ, බහරේනයේ මනාමා අගනුවරදීය.

මුස්ලිම් බහරේනය සහ යුදෙව් ඊශ්‍රායලය අතර මිතුදම් වර්ධනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිර්මාණය වූයේ ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවැත්වුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිණි.

මේ වනවිට ඇමෙරිකාව මැදිහත් වී එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ. ඊශ්‍රායාලය සමඟ යහපත් සබඳතා ඇති කරගත් තෙවැනි සහ සිවුවැනි අරාබි රටවල් වන්නේ බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. අනෙක් රටවල් වන්නේ ඊජිප්තුව සහ ජෝර්දානයයි.

මනාමාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS