ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න ලක්ෂ 6ක් එයි



සෞදි අරාබියේ ස්වෙච්ඡාවෙන් වැඩ කිරීමට ලක්ෂ හයකට වැඩි පිරිසක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

සෞදි මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන “සෞදි ජාතික ස්වේච්ඡාඅන්තර්ජාල මෘදුකාංගය“ හරහා පුද්ගලයින් 658,036 දෙනෙකු ස්වේච්ඡාවෙන් රැකියා සිදු කරයි.

මේදක්වා ස්වෙච්ඡාවෙන් සිදුකර ඇති රැකියා ප්‍රමාණය මිලියන 5.4 ඉක්මවා ගොස් ඇත.

2030 සෞදි දැක්මේ කොටසක් ලෙස ස්වේච්ඡා සේවකයන් මිලියනයක් ආකර්ෂණය කර ගැනීමට සෞදි මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS