ස්පුට්නික් එන්නතට සෞදියේ අවසරය



ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිනොවුණත්, රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් 5' එන්නත ලබා ගත් සංචාරකයන්ට ඉකුත් 2022 ජනවාරි 1 වැනිදා සිට බාධාවකින් තොරව සෞදි අරාබියට පිවිසීමට හැකි බව සෞදි රජය පවසා තිබේ.

'කොවිඩ් 19' ආසාදිතයකු ද නැද්ද යන්න තහවුරු කිරීමට පැය 48 කට පෙර, පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු විය යුතු බවත්, ඉන්පසු නිරෝධායනයකින් හෝ කිසිදු බාධාවකින් තොරව තොරව 'ස්පුට්නික්5' එන්නත් ගත් සංචාරකයන්ට සෞදියට ඇතුළු විය හැකි බවත් සෞදි රජය පැහැදිලි කර තිබේ.

සෞදි රජය මෙම තීරණය ගෙන ඇත්තේ, මුස්ලිම් වන්දනාකරුවන්ට කිසිදු බාධාවකින් තොරව සෞදියට ඇතුළුවීමට අවසර ලබා දීමක් ලෙසය.

ඒ අනුව 'ස්පුට්නික් 5' එන්නත පිළිගනිමින් ඊට අනුමැතිය ලබා දී ඇති රටවල් අතරට සෞදිය ද අයත් වෙයි.'ස්පුට්නික් 5' එන්නත පිළිගනිමින් ඊට අනුමැතිය දුන් රටවල් ගණන 100 කට වැඩිය.

(රොයිටර්)


RECOMMEND POSTS