සල්මාන් කුමරු තුර්කි සංචාරයකට සූදානම්



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු තුර්කියේ අන්කාරා අගනුවර සංචාරයකට පැමිණීමට නියමිත බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

2018 වසරේ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීමෙන් පසු, සෞදිය සහ තුර්කිය අතර හිත් අමනාපකම් හටගෙන තිබුණු නමුත්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පසුගිය දා සෞදියේ සංචාරය කිරීමෙන් පසු එම හිත් අමනාපකම් මඟ හැරුණු බව පැවැසෙයි.

සල්මාන් කුමරු අන්කාරා බලා පැමිණෙන්නේ සෞදිය සහ තුර්කිය අතර මිතුදම් යළි ශක්තිමත් වූ බව පෙන්වීමටය. තුර්කි ජනාධිපති ඒර්දොවාන් මාධ්‍ය හමුවේ පවසා ඇති අන්දමට ඔටුන්න හිමි සල්මාන් කුමරු අන්කාරා අගනුවරට පැමිණෙන ඇත්තේ ලබන 22 වැනිදාය.

“සල්මාන් කුමරු 22 වැනිදා එනවා. අප ඔහු උණුසුම් ලෙස පිළිගැනීමට සූදානමින් සිටිනවා. තුර්කි සෞදි සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට එම සංචාරය හේතුවක් වේවි” යැයි තුර්කි ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS