සල්මාන් කුමරු ජෝර්දානයේ



කලාපීය රටවල සංචාරයක නියැලෙන සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ජෝර්දානය බලා පැමිණියේය.

ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගෙන් සෞදි කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

සෞදියේ සල්මාන් රජු රෝගී වී සිටින බැවින්, එරට නිල නොවන පාලකයා ලෙස සැලකෙන්නේ ද සල්මාන් කුමරුන්ය.

සල්මාන් කුමරු ජෝර්දානයට පැමිණියේ පස් වසරකට පසුව යැයි ද පැවැසෙයි.

‘කොවිඩ් 19’ වසංගතය සහ යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ජෝරාදානය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. එම අර්බුදයේ දී සෞදියේ සහාය ලැබෙනු ඇතැයි ජෝර්දාන රජය විශ්වාසය පළ කර තිබේ.

සෞදි කුමරුන් සහ ජෝර්දාන ව්‍යාපාරික ප්‍රජාව අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

ජෝර්දාන සංචාරයෙන් පසු සල්මාන් කුමරු තුර්කිය බලා යෑමට නියමිතව සිටියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS