සමාව ඉල්ලන්නැයි තුර්කි රජයට ඉරාකයෙන් බලපෑම්



ඉරාකයට අයත්, උතුරු දෙසින් පිහිටි කුර්දිස්තානයේ, ගුවන් තොටුපොළකට එල්ල කළ ප්‍රහාරයක් මුල්කොට ගනිමින්, සමාව ඉල්ලන්නැයි ඉරාක රජය තුර්කි රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ප්‍රහාරය එල්ල වී ඇත්තෙ, පසුගිය සිකුරාදා (7) ගුවන්තොටුපොළේ ඇමෙරිකන් හමුදා සෙබළුන් පිරිසක් ගමන් කරමින් සිටි රිය පෙරහරකටය. ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි. එසේ වුවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාක රජය තුර්කි රජයෙන් සමාව ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් තුර්කි විදේශ අමත්‍යාංශය පවසා ඇත්තේ පසුගිය දින කීපයේ ඉරාක කුර්දිස්තානය ආශ්‍රිතව තම හමුදා කිසිදු ආකාරයක මෙහෙයුමක් සිදු නොකළ බවය.

කුර්දිස්තානය යනු ඉරාකයට අයත්, ස්වයං පාලන ප්‍රදේශයකි. කුර්දිවරුන් ජීවත් වන්නේ මෙම කුර්දිස්තානයේය. කුර්දි සන්නද්ධ කණ්ඩායම් සමඟ තුර්කි රජය වසර ගණනක් තිස්සේ සටන් කරයි.

මෙම සන්නද්ධ කතණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ උතුරුදිග සිරියාවත්, තුර්කියත් අතර දේශසීමා ප්‍රදේශවලය.

පසුගිය කාලයපුරාවට, තුර්කිය එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව හමුදා මෙහෙයුම් සිදු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS