සනීපාරක්ෂක ස්ථානවලට අවසර



ඕමානයේ මුස්ලිම් පල්ලි තුල ඇති වැසිකිලි සහ සනීපාරක්ෂක ස්ථාන නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව, මුස්ලිම් පල්ලි තුල ඇති වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ද අවසර හිමි වෙයි.

වැසිකිලි සහ සනීපාරක්ෂක ස්ථාන විවෘත කිරීම සඳහා ඕමාන් උත්තරීතර කමිටුව අවසර ලබා දීමට කටයුතු කරන අතර, සියළුම කටයුතු කොවිඩ්-19 සෞඛ්‍ය නීතිරීතීන්වලට අනුකූලව සිදුකළ යුතු බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

 


RECOMMEND POSTS