සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම්



ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ නේපාලය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කිරීමටත් ගුවන් යානා ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමටත් කුවෙට් රාජ්‍යය පියවර ගෙන ඇත.

නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන කුවෙට් බලධාරීන් දැනුම් දී ඇතැයි ද කුවෙට් රාජ්‍යයේ රාජ්‍ය පුවත් සේවය වන ‘කුනා’ පුවත් සේවය වාර්තා කළේය.

කැබිනට් හමුවේ දී මෙම තීරණය ගෙන තිබෙන අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙම තහනම අදාළ නොවන බව ද පැවසේ.

මෙම රටවලින් කුවෙට් වෙත පැමිණෙන්නේ නම් එම පුද්ගලයන් ඊට පෙර දින 14ක කාලයක වෙනත් රටක නිරෝධායනය විය යුතු යැයි ද කුවෙට් රජය දැනුම් දී ඇත.

මේ අතර ‘කොවිඩ්-19’ එන්නත ලබා නොගත් පුරවැසියන්ට මැයි 22 වැනිදා සිට රටින් පිටවීම තහනම් කිරීමට පියවර ගන්නා බව ද කුවෙට් රාජ්‍ය පසුගිය සතියේ දී නිවේදනය කළේය. 

ඩුබායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS