විෂබීජ හරණය නිසා එළියට යන්න එපා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලදාරීන් අද (26) මාධ්‍ය හමුවේ කියා සිටියේ කොවිඩ් - 19 රටතුළ පැතිරීම වැළැක්වීම සඳහා තෝරාගත් ස්ථාන විෂබීජ හරණය කිරීමේ කටයුතු අද රාත්‍රී 8.00 ආරම්භ කරන බවයි.

මෙම කටයුතු අවසන්වනතුරු නිවෙස්වල රැඳී සිටින්න යැයි සියලු වැසියන්ට උපදෙස් දී තිබේ. එම කාලයේ දී තම ගමන් බිමන් සීමා කරන ලෙසත් ආහාර ඇතුළු මූලික අත්‍යාවශ්‍ය භාණ්ඩ හෝ මිලදී ගැනීමට නිවසින් පිටතට නොයන ලෙසත් රජය ඉල්ලා සිටියි.

සෞඛ්‍ය, හමුදාව, පොලිසිය, විදුලි සංදේශ, බලශක්ති හා මාධ්‍ය යන අත්‍යාවශ්‍ය අංශයන්හි සේවය කරන අයට හැර අන් කිසිවෙකු නිවසින් පිටතට හෝ නොපැමිණිය යුතු බව සෞඛ්‍ය අංශයේ නිල ප්‍රකාශිකා වෛද්‍ය ෆරීඩා අල් හොසානි මාධ්‍ය හමුවේ කියා සිටියාය.

 


RECOMMEND POSTS