විශාලතම මින්මැදුර විවෘත කරයි



මැද‌පෙරදිග විශාලතම මින්මැදුර අබුඩාබි නුවර විවෘත කර ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මෙම මින්මැදුර ජලජ ජීවින් 45,000කට අධික සංඛ්‍යාවකට නිවහනක් වන අතර, විවිධ වර්ගයේ ජලජ ජීවීන් නැරඹීම සඳහා ප්‍රදර්ශන ස්ථාන 60ක්  ඉදි කර ඇත.

ලොව පුරා විවිධ සාගර වාසස්ථාන පිළිබිඹු කරමින් කුඩා මින්මැදුරු10ක් නිර්මාණය කර ඇති අතර, සම්පූර්ණයෙන් මින්මැදුර නැරඹීමට පැය දෙකක කාලයක් ගත වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS