විවාහ යෝජනාව මරණයෙන් කෙලවර වෙයි



ඊජිප්තුවේ 21 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ ගෙල කපා මරා දමා ඇති බව වාර්තා වේ.

විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සම වයස් පෙම්වතා ඇයව ඝාතනය කර ඇත.

ඔවුන් දෙදෙනා අධ්‍යාපනය ලැබු මන්සූර විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ඉදිරිපිටදී මෙම අපරාධය සිදු ව ඇත.

අපරාධය සිදුවූ ස්ථානයේසිටි මඟීන් සහ විශ්වවිද්‍යාල ආරක්ෂකයින් පෙම්වතාව අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.

ඇයව ඝාතනය කිරීමට අවස්ථා ගණනාවකදී උත්සහ කර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online කයිරෝ නුවර)

RECOMMEND POSTS