විදුලිය නෑ: ලෙබනන් වැසියෝ අමාරුවේ



ලෙබනනයේ ප්‍රධාන විදුලිය බලාගාර දෙක මුළුමනින්ම අකර්මණ්‍ය වීමත් සමග ලෙබනන් වැසියෝ මහත් අසීරුතා රැසකට මුහුණ දී සිටිති.

අකර්මණ්‍ය වීමත් සමග වසා දැමුණේ දීර් අම්මාර් සහ සහ්රානී නමැති විදුලිය බලාගාර දෙකය. පසුගිය මාස කිහිපයේ මෙම බලාගාරවලින් විදුලිය ලබා දීම ඉතාමත් සීමිත ප්‍රමාණයකට සිදුවිය.

රට දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී, ආර්ථිකමය වශයෙන් අඩපණ වෙද්දී, මේ වනවිට ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටුණි. විදුලිය බලාගාර අකර්මණ්‍ය වූයේ ඩීසල් හිඟය නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS