වානිජ වීසා රැකියා වීසාවලට හරවයි



කුවේටයට වානිජ වීසා මත පැමිණෙන විදේශිකයින්ට රැකියා වීසා ලබාගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව, විදේශිකයින්ට පෞද්ගලික අංශයේ රැකියා ලබාගැනීමට අවස්ථාව ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කුවේට් සමාගම් මිනිස් බලය පිළිබඳ මහජන අධිකාරියෙන් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව අදාල තීරණය ගෙන ඇත.

නව අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීම සඳහා වානිජ වීසා මත පැමිණෙන ගුරුවරුන්ට වැඩි අවස්ථාවක් ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS