ව්‍යවස්ථාවක් සැකැසීමේ සාකච්ඡා අසාර්ථකයි



සිරියානු ජනාධිපති අසාද්ගේ රජය නියෝජිතයන් සහ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් නායකයන් අතර නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡා වටයක් පැවැත්වුණු නමුත් එය ද අසාර්ථක විය.

සාකච්ඡා පැවැත්විම සිදුවන්නේ, ජාත්‍යන්තර මැදිහත්විමෙනි. සාකච්ඡා සඳහා සිරියානු රජයේ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් සහ නියෝජිතයන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින බව පැවැසෙයි.

සිරියානු රජය සහ එරට විපක්ෂය අතර සාමකතා පැවැත්වීම ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. සාකච්ඡා සඳහා සිරියාවේ සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ද සහභාගී වන බව පැවැසෙයි.

විපක්ෂ නියෝජිතයන් චෝදනා කරන්නේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව සිරියානු ජනාධිපති අසාද්ගේ රජය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට උනන්දුවක් නොදක්වන බව යැයි පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS