ලෙබනන් සංචාරයකට පාප්තුමා සූදානම්



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙබනනයේ සංචාරය කිරීමට සූදානම් බව වතිකානය පවසයි. පාප්තුමන් ලෙබනනයට යනු ඇත්තේ එලැඹෙන ජූනි මාසයේය.

ලෙබනනය යනු දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අර්බුද රැසකට මුහුණ පා සිටින රාජ්‍යයකි. ලෙබන වැසියන් දැඩි මූල්‍ය අර්බුදයකින් පීඩා විඳින්නේ 2019 වසරේ සිටය. අද වනවිට ලෙබනනයේ වැසියන්ගෙන් සියයට 80 ක් දරිද්‍රතාවයෙන් පසුවෙති.

පාප්තුමන් ලෙබනනය බලා යනු ඇත්තේ ලෙබනන් ජනාධිපති මයිකල් එයොන් කළආරාධනාවකට අනුව යැයි ද වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ලෙබනනය මිලියන 6 ක ජනගහනයක් වෙසෙන මුස්ලිම් රාජ්‍යයකි. ලෙබනනයේ ජනහනයෙන් තුනෙන් එකක් ක්‍රිස්තියානු වැසියන් බව පැවැසෙයි. එලැඹෙන මැයි මාසයේ ලෙබනනයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව, පාප්තුමන් ලෙබනන සංචාරයට පැමිණෙනු ඇත්තේ නව රජයක් යටතේය.

1975 සිට 1990 තෙක් පැවැති ලෙබනන් සිවිල් යුද්ධයෙන් පසු පාප්තුමකු ලෙබනනයට පැමිණෙන තෙවැනි අවස්ථාව මෙයයි. 1997 වසරේ දී ජෝන් පෝල් පාප්තුමාත්, 2012 16 වැනි බෙනඩික් පාප්තුමාත් ලෙබනනයට පැමිණ ඇති බව වතිකානය සිහිපත් කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS