රුසියාවට ඩ්‍රෝන දුන් බව ඉරානය පිළිගනී



රුසියානු හමුදා යුක්රේනයට පහර දීමට මාස කිහිපයකට පෙර රුසියානු හමුදා වෙත ඩ්‍රෝන යානා ලබා දුන් බව ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරාබ් දොල්ලාහියන් නිල වශයෙන් පිළිගෙන තිබේ.

යුක්රේනයට පහර දීම සඳහා තමන් කිසිම අවස්ථාවක මිසයිල හෝ ඩ්‍රෝන යානා හෝ ලබා නොදුන් බව ඉරාන රජය ප්‍රකාශ කර තිබියදී අමාත්‍ය හොසේන් අමිරාබ් දොල්ලාහියන් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.

කෙසේ නමුත් ඉරානය රුසියාවට ලබා දුන්නේ පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි නියමිත ඉලක්කයට ගොස් පුපුරගන්නා ඩ්‍රෝන යනාද යන්න ඔහු සිදුකළ ප්‍රකාශයේදී අමාත්‍ය හොසේන් සඳහන් කර නොමැත.

ඉලක්කය වෙත ගොස් පුපුරගන්නා ඩ්‍රෝන යානා මේ වන විට යුක්රේන හමුදාවන්ට විශාල හානියක් කිරීමට සමත් වී ඇත.
බටහිර රාජ්‍යයන් යුක්රේනයට පහර දීම සඳහා ඉරානය, ඩ්‍රෝන යානා සහ මිසයිල ලබා දුන් බවට චෝදනා කලත් ඉන් සත්‍ය වන්නේ ඩ්‍රෝන යානා ලබා දීමේ කොටස පමණක් බව තෙහෙරාන් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය හොසේන් පැහැදිලි කර තිබේ.

ඉරානය රුසියාවට ලබාදුන් අවි සැපයුමේ ඩ්‍රෝන යානා 450 ක් පමණ තිබී ඇතැයි නිලධාරීහු පැවසූහ. එසේම, ඉරානය ලබා දුන් ඩ්‍රෝන යානා වලින් රුසියානු හමුදා යුක්රේනයට පහර දුන්නාද යන වග සොයා බැලීම සඳහා සාක්ෂි පරික්ෂා කර බැලීමට යුක්රේන රජය සමග එකඟතාවයකට පැමිණි බවද අමාත්‍ය හොසේන් අමිරාබ් දොල්ලාහියන් ප්‍රකාශ කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS