රුසියාවට ඉරානයෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා



ඉරානය එරට තාක්ෂණයෙන් නිපදවූ නියමුවන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන යානා තොගයක් යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් හමුදාවට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකා රජය වෙනුවෙන් මෙසේ චෝදනා කර ඇත්තේ ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රධානී ජේක් සුලිවාන්ය. සුලිවාන් මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් වාර්තා පාදක කර ගනිමිනි.

‘යුක්රේන යුද්ධයේ දී රුසියානු හමුදා යම් පසුබැසීමකට ලක් වී ඇති බැවින් ඔවුන්ට තම ඩ්‍රෝන තාක්ෂණය ලබා දීමට ඉරානය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපට බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා’ යැයි ජේක් සුලිවාන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS