රුසියන් යුක්රේන යුද්ධය රුසියාව අස්ථාවර කරාවි



රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින දිග්ගැස්සීම රුසියාවට අවාසියක් බවත්, එයින් සිදුවන්නේ රුසියාව අස්ථාවර වීම බවත් තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුත් කවෝසෝග්ලූ පවසයි.

‘රුසියන් යුක්රේන යුද්ධය දිනේ දින දිග්ගැස්සීම රුසියන් විරෝධී බටහිර රටවලට ආශිර්වාදයක් වී තිබෙනවා. රුසියාව අස්ථාවර වෙනවා දකින්නයි ඔවුන් කැමැති. යුක්රේන යුද්ධය දිග් ගැස්සෙද්දී එය එසේ සිදුවේවි’ යැයි තුර්කි විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. තුර්කි විදේශ අමාත්‍යවරයා මොස් පවසා ඇත්තේ ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීම කළ යුතු බව තුර්කිය දිගින් දිගටම පෙන්වා දී ඇත. තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර, රුසියාවේ මිතුරෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

(රොයිටර්)


RECOMMEND POSTS