රිය අනතුරකින් අයෙක් මරුට: 5කට තුවාල



ඩුබායි නුවර ප්‍රධාන මාර්ගයක සිදු වු මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

එම අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඩුබායි නුවර ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් මාර්ගයේ ගමන් කළ ට්‍රක්රථ දෙකක් සහ තවත් මෝටර් රථ හතරක් එකට ගැටීම හේතුවෙන් අනතුර සිදුවී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS