රියදුරු බලපත්‍ර 860ක් අත්හිටුවයි



කුවේටය පළමු කාර්තුව තුළ රියදුරු බලපත්‍ර 860 ක් අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රියදුරන්ට ලබා දෙන දඬුවම් ලකුණු ප්‍රමාණය ඉක්මවා යාම හේතුවෙන් රියදුරු බලපත්‍ර 860ක් අත්හිටුවීමට කටයුතු කර ඇත.

පළමු අත්හිටුවීම දඬුවම් ලකුණු 14 ඉක්මවන්නේ නම් මාස තුනක කාලයක් සඳහා ද, ලකුණු 12 ඉක්මවා ගියහොත් දෙවන අත්හිටුවීම මාස 6 ක කාලයක් සඳහා ද, තෙවැනි අත්හිටුවීම ලකුණු 10 ඉක්මවූ විට මාස 9 ක කාලයක් සඳහා ද ක්‍රියාත්මක වන බව මහජන සම්බන්ධතා හා රථවාහන අංශය සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS