රියදුරන් අල්ලන්න කැමරා සවිකරයි



රිය පැදවීමේදි ජංගම දුරකථන භාවිතා කරන රියදුරන්ව හඳුනාගැනීම සඳහා අති-නවීන  ස්මාර්ට් රථවාහන කැමරා සවිකරන බව කුවේට් නිවේදනය කළේ ය.

නීති විරෝධී හැරීම්පටිගත කිරීමේ හැකියාව මෙම කැමරාවලට ඇති බව වාර්තා වේ.

දරුණු අනතුරු අවම කර ගැනීම සඳහා අති-නවීන ස්මාර්ට් කැමරා සවිකිරීමට කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධතා සහ ආරක්ෂක තොරතුරු අධ්‍යක්ෂ ජනරාල්, ලුතිනන් ජෙනරාල් තව්හීඩ් අල්-කන්දාරි කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

2022 ජනවාරි 01 සිට නොවැම්බර් අවසානය දක්වා වාර්තා වු මුළු මාර්ග නීති කඩකිරීම් සංඛ්‍යාව මිලියන 3.4 කි

රිය අනතුරුවලට රියදුරන්ගේ අවධානය අඩුවීම ප්‍රධාන හේතුවක් වී ඇති අතර, එම කාලය තුළ ජීවිත 170ක් අහිමි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS