රැකියාවලින් 10.9%ක් ඕමාන් ජාතිකයන්ට



ඕමාන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලින් 10.9%ක් ඕමාන ජාතිකයන්ට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඕමානකරණය යටතේ අදාල රැකියා ප්‍රමාණය ඕමාන ජාතිකයන්ට ලබාදීමට කටයුතු කළ බවත්, ඉදිරියේදි මීට වඩා වැඩි රැකියා ප්‍රමාණයක් ඕමාන් ජාතිකයන්ට ලබාදීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ඕමාන් රියාල් බිලියන 5.685 ක ආයෝජන මඟින් සෘජු රැකියා අවස්ථා 15,500 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 31,000 ක් උත්පාදනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

2020 වර්ෂයේ සංචාරක ක්ෂේත්‍රයේ ඍජු රැකියා 142,247ක් උත්පාදනය කර ඇති අතර, ඉන් 15,523ක් ලබාදී ඇත්තේ ඕමාන ජාතිකයන්ට ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS