රතු මුහුදේ යුද අභ්‍යාසයක්



ඇමෙරිකාව, බහරේනය, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි ඒමිරේට්ස් රාජ්‍යය එක්වී, රතු මුහුදේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. මෙම රටවල් මේ අයුරින් යුද අභ්‍යාසයක් පවත්වන්නේ පළමු වරටය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය, ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලට සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වී ඇත. එම සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ බව පැවැසෙයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය ඊශ්‍රායලය සමඟ මිතුරු කිරීම සිදු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන සමයේය.

(රොයිටර්)


RECOMMEND POSTS