රටින් පිට වෙන්න: කුවේටයෙන් නියෝගයක්



කුවේටයේ සේවය කරනු ලබන ලෙබනන් ජාතිකයන්ට සේවා කාලය අවසන් වීමෙන් පසු කුවේටයෙන් පිට වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

නේවාසික වීසා කාලය අවසන් වීමෙන් පසු, ලෙබනන් ජාතිකයන්ගේ වීසා කාලය දිර්ඝ නොකිරීමට පියවර ගෙන ඇත.
ලෙබනන් ජාතිකයින් 100 දෙනෙකුගේ නම් අපලේඛනයට ඇතුලත් කිරීමට කුවේට් ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත.

අපලේඛනගත විදේශිකයන්ගෙන් බහුතරය ලෙබනන් ජාතිකයින් වන අතර ඉතිරි පිරිස ඉරාන, යේමන, සිරියානු, ඉරාක, පාකිස්තාන, ඇෆ්ගනිස්ථාන සහ ඊජිප්තු ජාතිකයන් වේ.

මුදල් විශුද්ධිකරණය සහ සංවේදී ආරක්‍ෂක තොරතුරු සම්බන්ධයෙන් වරදකරුවන් වූ කිහිප දෙනෙක් ඔවුන් අතර සිටින බව වාර්තා වේ.
හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ ලෙබනන් ජාතිකයන් කුවේටයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම පියවර කුවේටය ගෙන ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS