රටට ඇතුළුවීම තාවකාලිකව තහනම්



ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ නේපාලය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට රට තුළට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත.

මෙම තාවකාලික තහනම මැයි මස 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

කෙසේ නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙම තහනම අදාළ නොවේ.

මෙම රටවලින් පැමිණෙන සංචාරකයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය හරහා වෙනත් රටවලට ගමන් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හදිසි ආපදා සහ ආපදා කළමනාකරණ අධිකාරිය අද මේ බව නිවේදනය කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට, රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස්වලට, නිල දූත පිරිස්වලට, ස්වර්ණ වීසා හිමියන්ට (ගෝල්ඩන් වීසා හෝල්ඩර්ස්) සහ ව්‍යාපාරික ජෙට් යානාවලට මෙම තහනම අදාළ නොවේ.

මෙම තාවකාලික තහනමට අයත් නොවන සියලු පුද්ගලයන් ගුවන් යානයට ගොඩවීමට පැය 48ක පෙර පී.සී.ආර්. පරීක්ෂාවකට යොමු විය යුතු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු විය යුතු ය.

එසේ රටට ඇතුළු වන සියලු පුද්ගලයන් දින 10ක කාලයක් නිරෝධායනය විය යුතු අතර රටට ඇතුළු වීමෙන් ගෙවෙන 4 වැනි සහ 8 වැනි දිනයේ දී පී.සී.ආර්. පරීක්ෂණවලට ද යොමු විය යුතු ය.

(කලීජ් ටයිම්ස්)


RECOMMEND POSTS