රජයේ ආයතන 50%ක් වසා දමයි



එමිරේටයේ රජයේ ආයතනවලින් සියයට පනහක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රජයේ ආයතන 50 % ක් වසා දමා ඒවා ඩිජිටල් වේදිකාවක් බවට පත් කරන බව එමිරේට්ස් උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටූම් පැවසීය.

අපි වසර දෙකක් තුළ රජයේ සේවා මධ්‍යස්ථාන සියයට 50 ක් වසා දමා ඩිජිටල් වේදිකාවක් බවට පත් කරමින්, අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බවත්, ඩිජිටල් වේදිකාව සාර්ථක කරගැනීම සඳහා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති බුද්ධිමත් නිළධාරීන් සහ අමාත්‍යවරුන් පත් කරන බව ඩුබායි පාලක වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS