යුක්රේන ධාන්‍ය නැව සිරියාවට



එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ඇති කරගත් එකඟතාව යටතේ යුක්රේනයෙන් සිරියාව බලා පිටත් වුණු පළමු ධාන්‍ය නෞකාව සිරියාවේ ටාර්ටොස් වරායට පැමිණියේය.

සිරියාව බලා පැමිණියේ 'රසෝනි' නෞකාවය. මෙය යුක්රේනයේ ඔඩෙසා වරායෙන් පිටත් වූයේ පසුගිය අගෝස්තු පළමු වැනිදාය.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් යුක්රේනය අපනයන කරන ධාන්‍ය එරට වරාය ගබඩාවල සිරවී තිබේ.

රුසියන් හමුදා යුක්රේන වරායවල බලය අත්පත් කරගෙන සිටින බැවින්, යුක්රේන ධාන්‍ය නැව්වලට යුක්රේනයෙන් පිටවිය නොහැකිවිය.

එය ලෝක ආහාර අර්බුදයකට හේතුවක් වූ බැවින්, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී යුක්රේනය සහ රුසියාව සමඟ සාකච්ඡා පවත්වා යුක්රේන වරායවල ඇති නැව්වලට ආරක්ෂිතව ගමන්නාත තෙක් යෑමට අවසර ලබා දුන්නේය.

ඒ අනුව, යුක්රේනයේ සිට සිරියටාවට ධාන්‍ය රැගෙන ආ පළමු නෞකාව ලෙස 'රසෝනි' සැලෙකයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS