මෝර ප්‍රහාරයකින් කතක් මරුට



ඊජ්ප්තුවේ සහ්ල් හෂීස් වෙළරට ඔබ්බෙන් වු මුහුදේ සිදු වු මෝර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මෝර ප්‍රහාරයෙන් 68 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.

අදාල සිද්ධියෙන් පසු, රතු මුහුදු වෙරළ කලාපය වසා දැමීමට රතු මුහුදු ආණ්ඩුකාරවරයා නීයෝග කළේ ය.

කාන්තාව ප්‍රාදේශීය රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති අතර, රුධිර සංසරණය නිසියාකාරයෙන් සිදු නොවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

මියගියකාන්තාව ඊජිප්තු සැමියා සමඟ පසුගිය වසර පහක කාලය තුළ ඊජිප්තුවේ පදිංචිව සිට ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS