මෝටර් රථ ගින්නෙන් 2ක් මරුට



කුවේටයේ අධිවේගි මාර්ගයක මෝටර් රථයක් ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

අධිවේගයේ සිදු වු එම ගිනිගැනීමෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ෆාඩ් රජු අධිවේගි මාර්ගයේ දි මෝටර් රථය ගිනි ගෙන ඇති බව කුවේට් මධ්‍යම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මෝටර් රථය ගිනිගැනීමට හේතු වු කරුණු මෙතෙක් සොයාගෙන නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)


RECOMMEND POSTS