මෙවරත් පැහැදිලි ජයග්‍රාහකයෙක් නෑ



වසර දෙකක් ඇතුළත සිවුවැනිවරටත් ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් ද කිසිදු පක්ෂයකට පැහැදිලි ජයක් හිමිකර ගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

දූෂණ චෝදනා එල්ල වී නඩු විභාගයකට ද මුහුණ දෙන අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ ලිකුද් පක්ෂය සහ ඊට හවුල් සෙසු පක්ෂවලට බහුතර බලයක් හිමි නොවුණු බව වාර්තා වේ. ඒ අනුව, ඊශ්‍රායල දේශපාලන අර්බුදය උත්සන්න වේවි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

පසුගිය වසර දෙක තුළ ඊශ්‍රායලයේ මැතිවරණ 3 ක් පැවැත්වුණු අතර ඒ සෑම අවස්ථාවකදීම නෙදන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂය සහ ඊට සහාය දක්වන පක්ෂවලට පක්ෂයට නෙසට් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) ආසන 120 න් බහුතරය දිනා ගැනීමට නොහැකි විය.

සන්ධාන රජයයන් පිහිටුවීම සිදුවුවත් මාස කීපයක් යද්දී එම සන්ධාන බිඳ වැටුණි. සිවුවැනි වරටත් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණේ ඒ අනුවය. පසුගිය 23 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 6.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටියහ.

මේ වනවිට ලොව ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේදී ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ ඊශ්‍රායලයයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු මැදිහත් වී, එරට වැසියන්ගෙන් සියයකට 90 කට වැඩි පිරිසකට කෙරෝනා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS