මෙක්සිකෝවට තුර්කියෙන් තෑග්ගක්



මෙක්සිකෝ හමුදාවට, තුර්කියෙන් විශේෂ ත්‍යාගයක් හිමිවිය. ඒ, දිවි ගලවා ගැනීමේ කටයුතුවල නියැලීමට පුහුණු කරන ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙකි.

පසුගිය පෙබරවාරියේ තුර්කිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. එය මුළු ලොවම කම්පා කළ මහා ව්‍යසනයක් විය.

සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමට ජාත්‍යන්තර දිවි ගලවා ගැනීමේ කණ්ඩාම් තුර්කියට පැමිණියේය.

මෙක්සිකෝව ද විශේෂ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට එවීමට සැලැස්වීය. එසේ පැමිණි දිවි ගලවා ගැනීමේ කණ්ඩායමේ සිටි 'පෝර්ටියෝ' නමැති ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා විපතට පත්වූවන් සොයා යද්දී සුන්බුන් අතරේ අනතුරට ලක්වී මියගියේය.

'පෝර්ටියෝ' වෙනුවෙන්, මෙම අවුරුදු 3 ක් වයසැති ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියා මෙක්සිකෝවට තෑගි කිරීමට තුර්කි රජය කටයුතු කළේය.

'ආර්කඩාස්' නමැති බලු පැටියා හිමිවූයේ 'පෝර්ටියෝ' ට පුහුණුව දෙමින් රැකබලා ගත් හමුදා නිලධාරියාටය. තුර්කි බසින් 'ආර්කඩාස්'  යන්නෙහි අර්ථය මිතුරා යන්නය.

(රොයිටර්)


RECOMMEND POSTS