මුදල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි



කුවේටයේ මුදල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් බංගලිදේශ ජාතිකයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ජෝර්දාන් ජාතිකයෙකු බංගලිදේශ ජාතිකයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ෂුවයික් කාර්මික ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් තුළ මෙම සිදුවීම සිදු ව ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කළේ ය.

බංගලිදේශ ජාතිකයාව තදින් තල්ලු කළ බවත්, නොසිතූ ලෙස මෙම සිදුවීම සිදු වු බව පොලිසියට භාර වූ ජෝර්දාන ජාතිකයා පොලීසියේදි පාපොච්චාරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS