මිලියන 5.5ක් ආකර්ෂණය කරගැනීමට යයි



ඩුබායි නුවරට විදේශීය සංචාරකයන් මිලියන 5.5ක් මෙම වසර තුළ ආකර්ෂණය කරගැනීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ප්‍රධාන සංචාරක ස්ථන වලින් අහිමි වු සංචාරකයන් යළි ගෙන්වා ගැනීමට සහ නව සංචාරක වෙළඳපොලක් නිර්මාණය කරගැනීමට එමිරේට්ස් සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

දැනටමත් යුරෝපීය, අප්‍රිකානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්ට අයත් සංචාරකයන් ඩුබායි නුවර සංචාරය කරන බව ඩුබායි සංචාරක ප්‍රධාන විධායක, ඉසම් කාසිම් පැවසීය.

2019 වර්ෂය තුල විදේශ සංචාරකයන් මිලියන 16.7ක් ඩුබායි නුවර සංචාරය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS