මිලියන 25ක් ගෙන්වා ගන්න හදයි



ඩුබායි නුවරට සංචාරකයන් මිලියන 25ක් ගෙන්වා ගැනීමට සැළසුම් කරන බව වාර්තා වේ.

2025 දී සංචාරකයින් මිලියන 25 ක් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තු ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්,  නව දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස හෙලාල් අල් මරී පත් කරන බව ෂෙයික් හම්දාන් පැවසීය.

ඉදිරි වසර පහ තුළ කාර්මික අංශයේ එකතු කළ අගය සියයට 150 කින් ඉහළ නැංවීම, දේශීය නිෂ්පාදන සඳහා විදේශ අපනයන වෙළෙඳපොළ සියයට 50 කින් පුළුල් කිරීම සහ සංචාරකයින් සංඛ්‍යාව වැඩි කිරීම නව පාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු අතර ඇති බව ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS