මිලියන 152ක දඩයක් කයි



සෞදි අරාබියේ කළු සල්ලි ජාවාරම්වල නිරත වු පුද්ගලයින් හය දෙනෙකුට රියාල් මිලියන 152ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් හය දෙනාට වසර 31ක් දක්වා වූ සිරදඬුවම් සහ සෞදි රියාල් මිලියන 152ක දඩයක් නියම කළ බව රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

වරදකරුවන් වු සෞදි ජාතිකයින් ව්‍යාපාරිකයන් වන අතර, ඔවුන් තම බැංකු ගිණුම් මුදල් ජාවාරම් කිරීම සඳහා විදේශිකයින්ට ලබා දී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන ඇත.

සිරදඩුවම් අවසන් වීමෙන් පසු විදේශිකයින් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS