මිත්‍රත්වය කලාපයට යහපතක්



ඊශ්‍රායලයත් සෞදි අරාබියත් අතර යහපත් සබඳතා පවතින්නේ නම්, එය සමස්ත මැදපෙරදිග කලාපයටම යහපතක් වනු ඇතැයි සෞදි විදේශ ඇමැති ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් කියයි.

සෞදි විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ, ඇමෙරිකාවේ සී.එන්.එන්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

සෞදියත් ඊශ්‍රායලයත් අතර ඇයිහොඳයිකම් පළුදු වී ඇත්තේ පලස්තීනය මුල්කොට ගනිමිනි.

ඊශ්‍රායලය, පලස්තීනුවන්ගේ අයිතීන් සුරැකීමට කටයුතු කරන්නේ නම් පමණක් ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නවා යැයි සෞදිය මීට පෙර අවස්ථා ගණනාවකදී පවසා තිබේ.

මේ වනවිට සෞදියත් ඊශ්‍රායලයත් යහපත් සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද පැවැසෙයි.
නිල නොවන වාර්තා අනුව, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අවස්ථා ගණනාවකදී හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS