මාරක රිය අනතුරකින් 17ක් මරුට



නිරිතදිග ඊජිප්තුවේ කාන්තාර අධිවේගී මාර්ගයක මාරක රිය අනතුරක් සිදු වී ඇති බව වාර්තා වේ.

බස් රථයක් ට්‍රක් රථයක එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, අනතුරින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කයිරෝ නුවර සිට කිලෝමීටර 400ක් පමණ නිරිත දෙසින් පිහිටි Assuit-Kharga අධිවේගී මාර්ගයේ මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවන්ව රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ 26ක්  යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

අනතුර සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කයිරෝ නුවර)

RECOMMEND POSTS