මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 12ක් මරුට



යේමනයේ ඒඩන් ගුවන්තොටුපොල ආසන්නයේ සිදු වු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවට අරක්ෂක අංශ සඳහන් කළ බව යේමන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මරාගෙන මැරෙන ප්‍රහාරයට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර, ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.‍

මෙම ප්‍රහාරය සිදු වූයේ ඒඩන් ආණ්ඩුකාරවරයා ඉලක්ක කරගත් කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් සති තුනකට පමණ පසුවය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඒඩන් නුවර)


RECOMMEND POSTS