මත්ස්‍ය විශේෂ 200 ක් වඳවීමේ තර්ජනයක



සෞදි වෙරළ තීරයෙන් මත්ස්‍ය විශේෂ 200 කට ආසන්න ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති සමීක්ෂණයකින් බව සොයාගෙන ඇති බව වාර්තා වේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑ විශේෂ ගණනාවක්ද මෙම සමීක්ෂණය මඟින් සොයාගෙන ඇත.

රතු මුහුද පිළිබඳ සිදුකෙරෙන සමීක්ෂණය වනජීවී පරිසර පද්ධති පිළිබඳව සිදුකෙරෙන ලොව විශාලතම පාරිසරික සමීක්ෂණවලින් එකක් වේ.

එය රතු මුහුදු වෙරළ තීරයේ කිලෝමීටර් 250 ක් පුරා සිදු කරන අතර, ඇල්-වාජ් විල අවට සහ අමාලා අඩවියට උතුරින් ඇති ප්‍රදේශවල විශේෂ සහ ස්වාභාවික මුහුදු පද්ධති ආවරණය කරයි.

මෙම සමීක්ෂණය මඟින් අමාලා හි (hawksbill)වර්ගයේ  කැස්බෑවන්  74 ක් සහ හරිත මුහුදු කැස්බෑවන් 145 ක් හඳුනාගෙන ඇති අතර, මීට පෙර hawksbillකැස්බෑවන්251 ක් සහ හරිතකැස්බෑවන් 613 ක් සිටි බව අරාබි පුවත් වාර්තා කරයි.

මෙම සමීක්ෂණය Red Sea Global (RSG) ආයතනය මෑතකදී සිදුකර ඇත.            

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS