මත්පෙති මිලියනයකට වඩා අල්ලයි



ඕමාන් රාජකීය පොලීසිය කැප්ටගන් පෙති මිලියනයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කිලෝග්‍රෑම් 315 ක් බර කැප්ටගන් පෙති මිලියන 1.8 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර, සෞදි අරාබියේ සහයෝගයද ඕමාන් රාජකීය පොලීසියට හිමි වී ඇත.

මත්පෙති ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS