මත්ද්‍රව්‍ය රැගෙන ගිය ඉන්දියානුවා අත්අඩංගුවට



කුවේටයට මත්ද්‍රව්‍ය (හෂීස්) රැගෙන යෑමට උත්සහ කළ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපළේ පස්වන පර්යන්තයේදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බව කුවේට් රේගු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ඉන්දීය ජාතිකයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා අදාල බලධාරීන්ට භාරදීමට කුවේට් රේගුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - කුවේට් නගරය)

RECOMMEND POSTS