භාණ්ඩ 280ක් අත්අඩංගුවට



ඕමානයේ මහජන සදාචාරය උල්ලංඝනය කරන භාණ්ඩ 280කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාල භාණ්ඩ ප්‍රමාණය අල්-ඩකිලියා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සටහන් පොත්, සෙල්ලම් බඩු, බෑග් සහ සරුංගල් වැනි මහජන සදාචාරයට පටහැනි පින්තූර සහ ආකෘති ඇතුළත් භාණ්ඩ 285 ක් අත්අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික ආරක්ෂණ නීතියේ අංක 66/2014 දරන රෙගුලාසිවල 26 වගන්තියට අනුව භාණ්ඩ අඩංගුවට ගෙන අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - මස්කට් නුවර)


RECOMMEND POSTS