බෝම්බය ගෙනාවේ සිරියානු තරුණියක්



ඉස්තාන්බුල් නුවර, ඉස්තිකාල් වීදියේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට තමන් සමත් වුණු බව තුර්කි ආරක්ෂක අංශ පවසා තිබේ.

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ මාධ්‍ය හමුවේ කියා සිටියේ බෝම්බය ඉස්තිකාල් වීදියේ දමා ගිය තැනැත්තා අත්අඩංගුවට ගත් බවය. එම තැනැත්තා සම්බන්ධයෙන් ඔහු වැඩි විස්තර අනාවරණය කර නැත.

මේ අතර, බෝම්බය දමා ගියේ යැයි සැක කෙරෙන සිරියානු ජාතික තරුණියක ගැන තුර්කි ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවන බව ද දැනගන්න ලැබේ.

එම තරුණිය වීදියේ සැරිසරන ආකාරය මෙන්ම, ඇය බෝම්බය වීදියේ අටවා තබා යන අයුරු ද දැක්වෙන සීසීටීවී ආරක්ෂක කැමරා දසුන්, මේ වනවිට අල් ජසීරා පුවත් සේවය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලූ සෘජුව චෝදනා නගා ඇත්තේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය පසුපස කුර්දිස්තාන කම්කරු පක්ෂ සන්නද්ධ බෙදුම්වාදීන් සිටින බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS