බහලුමකින් මත්පැන් බෝතල් මතුවෙයි



කුවේට් රේගුව බහලුමක (කන්ටේනරයක) සඟවා තිබූ මත්පැන් බෝතල් 1,900ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පිඟන් භාණ්ඩ අසුරන ලද අඩි 40 දිග බහලුමක් තුළ ආරක්ෂිත ඇඳුම් වලින් ආවරණය කර මත්පැන් බෝතල් තොගය සඟවා තිබියදි රේගු භාරයට ගෙන තිබේ.

ආසියානු රටකට අයත්, කිසිවකුට හිමිකම් නොකියා දින 90ක් ෂුවයික් වරායේ තිබූ මෙම බහලුම බයිට් අල්-මාල් හිදී වෙන්දේසි කළ බව රේගු ආරංචි මාර්ග අනාවරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS