බලශක්ති ව්‍යාපෘතියකට බිලියන100ක්



එමිරේටයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100ක හවුල්කාරී ආයෝජනයක් සිදුකරන බව එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පසුගිය දා නිවේදනය කළේ ය.

නව ගිගාවොට් 15 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ක මුදලක්2035 වසරට පෙර පළමු අදියර සඳහා වෙන් කරන බව නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ආයෝජනයමෙහෙයවනු ලබන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මස්දාර් සහ එක්සත් ජනපද පුද්ගලික ආයෝජකයින්ගේ සංගමය විසිනි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS