බයිඩන්ට කිට්ටු වෙන්න සැරැසෙයි



ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සූධානමින් සිටින බව සෞදි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 21 වැනිදාය. ඒ සමඟ සෞදියේ සල්මාන් කුමරුන්ගේ සමීපතමයා වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ජනපති ධුරයෙන් සමුගනී.

මීට වසර කීපයකට පෙර, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සල්මාන් කුමරුන්ට චෝදනා එල්ල වෙද්දී කුමරුන් වෙනුවෙන් පෙනී සිටියේ ට්‍රම්ප්ය.

කශොග්ජී ඝාතන සිදුවීමත් ලෝකයේ තෙල් අධිකාරියක් පවත්වාගෙන යෑමටත් සෞදිය කටයුතු කිරීම සම්බන්ධයෙන් බයිඩන් තුළ අප්‍රසාදයක් පවතී. ජෝ බයිඩන් පවසා ඇත්තේ, සෞදියට ‘චණ්ඩිකම්’ කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවය.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS