බන්ධනාගාරයේ සිටි සෞදි කුමරියට නිදහස



චෝදනාවකින් තොරව වසර 3කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කිරීමට සේදි රජය පියවර ගෙන තිබේ.

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යෑමට සූදානමින් සිටියදී  සේදි රජය, බස්මා බින්ට් සෞද් කුමරිය සහ දියණිය අත්අඩංගුවට ගැණුනේ පසුගිය 2019 මාර්තු මාසයේය.

බන්ධනාගාරගත කළත් කුමරියට හෝ ඇයගේ දියණියට එරෙහිව මේ දක්වා කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැත.

බස්මා බින්ට් කුමරිය මානව කි‍්‍රයාකාරිනියක වන අතර සෞදියේ ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි ප‍්‍රසිද්ධියේ හඬ නැගූ තැනැත්තියක ද වෙයි. ඇය බන්ධනාගාර ගත කෙරුණේ සෞදි රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් හඬ නැගූ නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS