බටහිර ඉවුරට නව නිවාස 1,300ක්



බටහිර ඉවුරේ නව ජනාවාස නිවාස 1,300 ක් පමණ ඉදිකිරීම සඳහා ඊශ්‍රායලය ටෙන්ඩර් කැඳවා  ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයෙන්  ලබාදීමට නියමිතව ඇති නිවාස 3,000 ක්  පිළිබඳව සාකච්ඡා කිරීමට ඊශ්‍රායලය  බලාපොරොත්තු වේ.

බටහිර ඉවුරේ පලස්තීනුවන්ට අයත් භූමියේ නව නිවාස ඉදිකිරීමට ඊශ්‍රායල් ඉඩම් අධිකාරිය ටෙන්ඩර් කැඳවීමට කටයුතු කිරීම හේතුවෙන්  සාම ගිවිසුමකට එළඹීමට දරන උත්සාහයට හානි විය හැකි බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙරුසලම)


RECOMMEND POSTS