පොලිස් ඇඳුමෙන් හොරකම් කරලා



ඕමාන් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මංකොල්ලකෑම සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීම යන චෝදනා මත පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

මස්කට් ආණ්ඩුකාර පොලිස් ඒකකය සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාල පුද්ගලයන් හතර දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS